Monday, April 13, 2015

සිංහරාජයේ සිංහ ධේනුවො (සිංහරාජයේ සිංහයන් සොයා ගිය ගමන 02)

පළමු කොටස මෙතැනින්...

දෙවන දින අප කතිකා කර ගත් පරිදි සිංහරාජය බැලීමට උන්ජාගේ මව උයා දුන් කෑම පාර්සල්ද රැගෙන  උදයේම පිටත් විය. පාන්දර 6 ට පමණ කුකුලාත් අතින් රැගෙන පිටත් උණු අපි දෙනියායට ලගා වන විට 7 පමණ විය. දෙනියායෙන් පල්ලේගම බසයක නැගුණු අපි 6 කි.මි. පමණ පැයකින් තරණය කළෙමු.බසයෙන් බැස ගත් අපි  සිංහරාජය ලගදි උන්ජාගේ මව සාදා දුන් ලූණු බැදුම දෙනියායෙන් ගත් පාන් සමග කෑ අපි අපගේ මාර්ගෝපදේශකවරයා පැමිණෙනවා යයි කියනු ලැබූ ස්ථානය වෙතට පිටත්ව ගියෙමු. මාර්ගොපදෙශකගේ මග පෙන්වීම අනුව මීලග ගමනාන්තය තීරණය විය. සිංහරාජයේ පිවිසුම් දොරටුව ලගදීම බෝදිලිමා නම් කටුස්සෙකු මුණ ගැහුණු අපි ඊලගට සිංහරාජය ඇතුල් ප්‍රදේශයේ පවතින ලංකාගම නම් ගම් පෙදෙස පැත්තට නොගොස් එයින් ප්‍රතිවිරුද්ද දිශාවක් වන සිංහරාජය තුලට පිවිසීමට තීරණය විය.
                                                            බෙලා සහ අනෙකුත් කණ්ඩායම් සාමාජිකයන් අතර ගැටුම් උග්‍ර කරමින් ගිය මෙම ගමන බෙලාව විහිළුවකට ලක් කිරීමට සමත් විය. උදය වරුවෙම දිය ඇලි සහ වනයේ සුන්දරත්වය බලමින් ගිය අපි දවල් 12 පමණ වන විට එක් දිය ඇල්ලක් ගාවට පැමිණියේය. එතැනදී අපට එකම දෙයක් ප්‍රත්‍යක්ෂ විය. එනම් සිංහයන් නොමැති සිංහරාජයක් බවට හංවඩු ගැහි තිබුණු සිංහරාජය තවදුරටත් එසේ නොමැති බවයි. කුමක් නිසාද එම දිය ඇල්ල ලගදි සුදු සිංහ ධේනුවන් දෙදෙනෙකු අව්ව තපිමින් සිටි බැවිනි. තව දුරටත් ඇවිදීම අපගේ කකුල් කෙඩෙත්තුවට බොහෝ සෙයින් බලපෑම් ඇති කරන බැවින් අප නෑමට තීරණය විය.

අවසානයට හමුවූ දිය ඇල්ල ලගින් පහල පොඩි දිය වලක් ලගට ගිය අපි ගිය සැනින්ම වාගේ අපගේ ඇදුම් උනා දමා ජලයට පැන ගතිමු. කිසිම දිනෙක දිය පහරකින් නොනා තිබුණු බෙලාද, පැටියාද අඩි 6 ක් පමණ උසට තිබූ ජලයේද ගිලෙන්නට ගොස් බේරා ගනු ලැබුවේ අපේ පිහිනුම් ශුරයා වූ සදා විසිනි. පැය 2ක පමණ නෑමෙන් පසුව ගොඩට ආපු අපට බඩපනුවන්ගෙන් නම් බේරිල්ලක් නොමැති විය. එම නිසා ඉක්මනින්ම ආහාර ගත් අපි අපගේ මාර්ගොපදෙශක විසින් 4.30 න් පසුව බස් නොමැති බව පැවසුයෙන් ඉක්මනින්ම ආපසු යාමට පිටත් විය. එන අතර වාරයේදී අපගේ මිතුරා වන උන්ජාගේ මාමා මුණ ගැසී ඔහු ගැන දීපු චරිත සහතිකයට නම් අපට පොලොව පලාගෙන යන්න සිතුනේ ඔහුගේ මිතුරන් අපි නිසාවෙනි. කෙසේ නමුත් උන්ජාගේ ගෙදරට ආපු අපි ඔහුගේ අම්මා විසින් බෙදා දුන් බත් සියල්ල අහවර කර නිදා ගන්නා විට රාත්‍රී 9ත් පසු විය. පසුවදා උදයේ පාන්දර නැගිට ගත් අපි නැවත නේවාසිකාගාරයකට පැමිණෙන විට හවස 3-4 විය.

අපි යන විට නාමින් සිටි සිංහ ධේනුවන්



පල්ලේගම පිවිසුම් දොරටුව

සිංහරාජය ඇතුලේ තිබෙන නවාතැන්පල

බෙලාගේ කට පරිස්සම් කරන්නම කියපු වචන සෙට් එකක්ද කොහේදෝ මේක නම් 



 ප.ලි


මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි. ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.
ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි.
සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි.
වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී
දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි.
සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය. උඩු වියන් ස්ථරය ( බටු නා, වැලිපියන්න, කීන , තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක මෙයට අයත් වේ), උප වියන් ස්ථරය (හැඩවක, මලබොඩ, දිය නා, කටමොද වැනි ශාක වලින් සමන්විතය), යටි ස්ථරය (මඩොල්, අතුකැටිය වැනි ශාක මෙහි ඇත), පඳුරු ස්ථරය ( වල් බෝම්බු, පිනිබරු, පෙරතඹල වැනි ශාක විශේෂ වලින් මෙම ස්ථරය සෑදී තිබේ) හා ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක (වල් ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්ථරය වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. විශාල විවිධත්වයක් පෙන්වන ශාක අතර මුලාවැල්ල, හිනිපිටිගල හා මෝනිං සයිඞ් ප‍්‍රදේශයේ පිහිටි ශාක වල කඳුකර වනාන්තර වල ඇති ලක්ෂණයන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති.
ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි.
මෙම වනයේ සමස්ථ වෘක්ෂලතා සැළකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බව ගණන් බලා තිබේ. ඉන් සියයට 95 ක්ම බිම් ස්ථරයේ වෙයි.
අතීතයේ සිංහරාජ වනාන්තරයේ අලි බහුලව සිටි බව අවට ගම්වාසීහු පවසති. දැන් අලි ගහණය ඉතා අඩුවී ගොසිනි. රක්වාන ආසන්න වනාන්තර ප‍්‍රදේශයේ සැරි සරන අලි තිදෙනෙකු වරින් වර නිරීක්ෂණය කැර ඇත. දිවියා, ගෝනා,  ඕලූ මුවා, කොළ දිවියා ඇතුළු අතිවිශාල සත්ත්ව ප‍්‍රජාවකට වාස භූමි වී ඇති සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායී විශේෂ 12  න් 08 ක් වාර්තාවී ඇත. පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජ වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැක. කැහිබෙල්ලා, සුදු ශාරිකාවා, හිස අළු දෙමළිච්චා, බට ඇටිකුකුළා, සිතාසියා, පතිගෝමර තිරාසිකයා ඒ අතරින් විශේෂ කිහිපයකි.
විශේෂ වර්ග 45 කට අයත් උරගයෝ සිටති ඉන් විශේෂ 21 ක් ම ශී‍්‍ර ලංකාවට අවේණිකය. කටුසු වර්ග කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන්ද ඒ අතර වෙයි. අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙක ද සිංහරාජයේදී දැකිය හැකිය.. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි.
අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ.
ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරයේ පැවැත්ම කෙරෙහි අතිවිශාල දායකත්වයක් සපයන සිංහරාජ වනාන්තරය අවට ජීවත් වන ජනයාද මෙම වනාන්තරයෙන් ලබා ගන්නා කිතුල්, වේ වැල්, සාදික්කා, පළතුරු, ශාක තෙල් හා දුම්මල වැනි නිෂ්පාදනයන්ගෙන් තම ආර්ථිකය ගොඩනගා ගෙන ඇත..
කලක් රාජ්‍ය අනු‍ග්‍රහය ඇතිව හෙළි පෙහෙළි කැරුණු සිංහරාජ වනාන්තරය ඒ අවට පදිංචි කරුවන් විසින් ආක‍්‍රමණය කර වගා බිම් ඇති කිරීම හේතුවෙන් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් පර්යේෂකයන්ගේ තෝතැන්නක් වී තිබේ.

Friday, April 10, 2015

සිංහරාජයේ සිංහයන් සොයා ගිය ගමන 01

ඒ 2012 වර්ෂයයි.අපේ ලෙක්චරස්ලා අපට නිවාඩු අනුමත කරලා තිබුනි(එ  අයගෙ වර්ජනය හින්ද හොදේ).අපිටත් ආතල්ය.ගෙදර ඉදිද්දී කැහිල්ල හැදෙන අපි ගෙදරට වඩා අපේ නිල නිවස උන නෙවසිකාගාරයට වී කල් මැරිම ප්‍රියතම විෂය විය.කොහේ හරි යමුයි යොජනාව ආවේ මේ අතරදිය.පැනපු ගමන් 4 ක් සෙට් විය.මට නොදොකින් කියා මෙය යෝජනා කරපු මටම සිතුනි.
.ගෙවල් වල ඉන්න අයටත් කතා කරේය.කොහොම හරි 10 ක් සෙට් විය.දැන් යන තැන ගැන කතිකාවය.ඒක හොයන එක ඊට වඩා අමාරුය එක එකාගෙ එක එක අදහස්ය.මොනවා කරන්නද කියාය. කොහොම හරි අපේ ගමනාන්තය සින්හරාජය දෙනියාය පැත්තෙන් නැරඹීමට තීරණය විය.
අපි ට්‍රිප් එකක් යන කොට සලකා බලන කරුණු බොහොමයකි.
1.බජට් එක අඩු විම ප්‍රධාන වේ.
2.බැඡ් එකේ එකෙක් ලගක සිටීම.
3.කෙල්ලන්ට අපිත් සමග ගමනක් නොමැත.

අපේ බජට් එකට ගැලපෙන ප්‍රවාහන සේවය වන කෝච්චියේ පසුදා පාන්දරම අප මොරටුවෙන් නැග්ගෙමු.ටික දෙනෙක් ගාල්ලෙන් සෙට් වෙනවා යැයි අපිට පෙරදාම පවසා තිබුනි.11 පමන වන විට ගාල්ලෙන් බැස්ස අපි පලමුව කෑම කඩයක් සෙව්වෙමු. ඒ උදේ පටන් ගෙන තිබු බඩ පනුවන්ගේ වර්ජනය දැන් වන විට මාරන්තික උපවාසයකට පත්ව තිබූ බැවිනි.බොහොම අමාරුවෙන් කඩයක් හොයා ගත්තත් අපි කෑමට ගත් බත් එක අමර රසකි.ඒක හින්දා බොහොම අමාරුවෙන් බත් කටවල් දෙක තුනක් කාපු අපි රුපියල් 100 ක් පුදා එතනින් ගියේ මුලු ගාල්ලටම බැන වදිමිනි.කෙසේ හෝ අකුරැස්සට ගිය අපි එතනින් මුලු සෙට් එකම අරගෙන දෙනියාය බසයකට අපෙ මිතුරු උන්ජාගෙ ගෙදර යාමට  නැග්ගෙමු.
ටික දුරක් යද්දී....
අඩො උබල කාලද ඉන්නෙ බන් කියා මම ඇසීමි.ඔව් කියා ඔක්කොම උත්තර දුන්නත් අපේ දේශාන් "අඩෝ ඌ අපෙ ගෙදර මුලු පවුල පිටින් ඇවිත් කාල ගියෙ ඒක හින්දා මම බඩගින්නේ ඉන්නවා ඔක්කොම අල්ලන්න" කියා කීය.(පසුව දැන ගත්ත විදිහට උන්ජා කොහෙද යන ගමන් අරූගෙ ගෙදරට පවුල පිටින් ගෙනහින් හොදට කාල ඇවිත් තියෙන්නෙ.) ගාල්ලෙන් එහා දෙනියාය පාර නම් කියා නිමකළ නොහැකි තරම් වංගු සහිත පාරක් බැවින් වමනය නොදා බොහොම අමාරුවෙන් 3 පමණ වන විට බසයෙන් බැස ගත්තේය.කොටපොල හන්දියෙන් බැස්ස අපි උන්ජාගේ ගෙදර නැවතීමට පිටත් වුනි .උන්ජාගේ නොමැති ආගන්තුක සත්කාර ඔහුගේ දෙමාපියන්ගේ හොද හැටි තිබුන අතර තේ දීමට ගෙන්නපු රස කැවිලි වලට මොනා උනාදැයි දන්නේ එතන හිටපු රෙපා පමණි .හැම දේම ඉවර වෙලා අපි සෙට් එක ගැටබරු කන්දට යන්න සෙට් විය.ගොඩක් හාස්කම් නම් තියනවලු එතන පිනක් කර ගන්න යන එකක් නෙවෙයිනෙ කියල තියන හැම පචයක්ම හල හල කන්ද උඩට බඩ ගෑවෙමු.කන්දේදී ආවේෂ උන ගැහැනුන්ද පොල් ගහන ගැහැනුන්ද දැක්කේය. අපි අපේ පාඩුවෙ උඩටම නැගලා පහන් පත්තු කරලා පල්ලහට බැස්සේය. බැහැලා ගෙදර යනකොට මගෙ මිතුරු උන්ජාගෙ අම්මායි තාත්තයි වෙඩින් එකකට යන්න ලෑස්ති වෙලා හිටියා.ඉබ්බා දියේ දානකොට ඈන්නෑවේ කිව්වා සේම අපද හා කියා නොකියා කිව්වෙමු.

 ගැටබරු කන්ද උඩට පෙනෙන කදු පන්තිය


 අපේ සෙට් එක


 බෙල් අවතාරය




 අපෙ සෙට් එකෙ පැටියා නොහොත් දේශාන්

අම්මලා ගියා විතරයි අපෙ උන් හට්ටි ටික පෙරලන්න පටන් ගත්තේය.නිකන් සරණාගත කදවුරකින් පැමිණියා සේ අපෙ  එවුන් කන්න පටන් ගත්තේය .පැටියා(උන්ජා ගෙදර කට්ටියම එක්කගෙන ගිහින් කාපු මගෙ මිතුරා.)කනවා ඉවරයක් නෑ.කොහොම හරි කාල ඉවර වෙනකොට හට්ටි හෝදන්න දෙයක් ඉතුරු වෙලා නෑ.(මගෙ මිතුරාගෙ අම්ම කියනවත් ඇහිල එහෙම.)හොදටම නිදිමත තිබුනත් අපි සෙට් එක කෑ ගගහ ඉදල නිදා ගන්න යද්දී 1 ත් පහු වෙලා වගෙ මතක විදියට
 වෙච්ච බාර ගොඩ


 උන්ජාගෙ ගෙදරදී



ප.ලි.
ගැටබරුව පිහිටල තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදලා අඩි 1500 ක් විතර උඩින් ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයෙ ගාල්ලෙ ඉදන් සැතපුම් 47 ක් විතර දුරින් කියලා තමා කියන්නේ.මෙයට රජ්ජුරු බන්ඩාර දෙවියන් අදිපති බව පැවසේ.ඇසල මස වාර්ෂිකව පෙරහැරක් පැවැත්වෙන අතර මෙහි සෑම ප්‍රදේශකින් ම විශාල පිරිසක් සහබාගි වන බව පැවසේ.

සිංහරාජයේ සිංහ ධේනුවො
 දෙවන කොටසින්